Zoho Mail වලින් ව්‍යාපාරික විද්යුත් තැපෑල් ලිපිනයක් නොමිලේ සාදා ගන්නා ආකාරය.


අද මම කියලා දෙන්නේ yourname@yourdomain.com වැනි ව්‍යාපාරික විද්යුත් තැපෑල් ලිපිනයක් Zoho භාවිතා කරලා ජිවිත කාලයටම නොමිලේ සාදා ගන්නා ආකාරය පිලිබදවයි.

1. මුලින්ම Domain එකක් නැත්තම් Domain Names ලියාපදිංචි කරන Godaddy.com , Namecheep.com , namesilo.com වැනි විදෙස් ආයතනයකින් Domain Name එකක් මිල දී ගන්න. (මමනම් Domain Names එකක් ගන්න හොදයි කියන්නේ Namesilo.com එක. අනිත් ඒවා එක්ක බලද්දී එකේ ගනම් ගොඩක් අඩුයි Whois Protection එකත් ෆ්‍රී ලැබෙනවා. මම LKTips.info එක මිල දී ගත්තේ Namesilo වලින්)

2. හරි දැන් ඊළගට යන්න https://www.zoho.com/mail/ ලිපිනයට.

3. Business Email ක්ලික් කරලා Signup Now ඔබන්න.


4. ඊළගට Free Plan එක යටින් තියෙන GET STARTED ඔබන්න.





5. ඊළගට එන Foum එක නිවැරදිව පුරවලා ලියාපදිංචි වෙන්න ඕනේ.

* Sign up with a domain I already own කියන එක ක්ලික් කරන්න.

* WWW ඉදිරියෙන් තියෙන කොටුවේ ඔයාගේ Domain Name එක www නැතුව සදහන් කරන්න.

* Frist Name , Last Name නිවැරදිව සදහන් කරන්න.

* Administrator Account ඔන්න ඔතනට තමයි ඔබේ Domain Name එකෙන් හදන E-mail Account එකේ Name එක දෙන්න ඕනේ එකට ඔබට කැමති නමක් දෙන්න.


* Mobile Phone එකට වැඩ කරන Number එකක් දෙන්න. Gmail වල වගේම Mobile Number එක වෙරිෆ්යි කරන්න එනවා ඉදිරි පියවර වලදී

* Password එකටත් වඩාත් ආරක්ශිත මුර පදයක් ලබා දීලා අවසානයේ Signup ඔබන්න.


6. ඊළගට තියෙන්නේ Mobile Number එක Verify කරන්න මුලින් පියවරේදී ලබා දුන් Mobile Number එකට Code එකක් ඇවිල්ලා ඇති ඒක Enter verification code : ඉදිරියෙන් තියෙන කොටුවේ සටහන් කරලා VERIFY MY MOBILE නමැති රතු පාට බටන් එක ඔබන්න.


7. ඊලගට තියෙන්නේ Domain Name එක Verify කරන්න.

* Select your domain's DNS Manager කියන එක ඉදිරියෙන් තියෙන Dropdown menu එකෙන් ඔබේ DNS Hosting provider ව තෝරන්න. ඔබේ DNS Hosting provider ගේ නම එතන සදහන් වෙන්නේ නැතිනම් other තෝරන්න. (මම Cloudflare භාවිතා කරන නිසා මම තේරුවේ other)

* ඊළගට හදන්න ඕනේ Cname Record එකක්. Host එක හැටියට ඔහුන් ලබා දෙන Host Name එක දාලා Value එක විදියට zmverify.zoho.com ලබා දීලා Cname Record එක හදන්න


මම Cloudflare වලින් Cname Record එක හැදුවේ පහත ආකාරයට


Cname Record එක සැදීමෙන් අනතුරුව Proceed to CNAME Verification ඔබන්න.


8. ඊළගට ඔබේ ව්‍යාපාරික E-mail Account එකට දෙන්න ඕනේ නම තෝරලා Create Account ඔබන්න.


9. ඊළගට එන Add Users , Groups , පියවරවල් පහත තියෙන කොළ පැහැති බටන් එක ඔබලා Skip කරන්න.


10. ඊළගට ඔබේ Domain එකේ කලින් හදලා තියෙන සියළුම MX Record Delete කරලා නව Mx Record දෙකක් සැදීමට අවශ්‍යයි.

* Host Name එකට @ සලකුණ දාලා Address එකට mx.zoho.com ද , Priority එකට 10 දාලා එක Mx Record එකක් හදන්න.

* Host Name එකට @ සලකුණ දාලා Address එකට mx2.zoho.com ද , Priority එකට 20 දාලා එක දෙවන Mx Record එක හදන්න.


මම Cloudflare වල හැදුවේ පහත ආකාරයට.


ඊළගට පහත තියෙන Next ඔබන්න


11. ඊළගට TXT Record එකක් හදන්න

* Hostname එකට @ සලකුණ දාලා TXT Value එකට v=spf1 include:zoho.com ~all දාලා TXT Record එක හදන්න.


මම Cloudflare එකේ TXT Record එක හැදුවේ පහත ආකාරයට


12. අවසානයේ https://mail.zoho.com/zm/ වෙත පිවිස E-mail Account එකට ලොග් වෙන්න.



IMAP and SMTP Configuration details අවශ්‍ය මෙතන තියෙනවා. https://www.zoho.com.cn/mail/help/imap-access.html ලිපිය දිග වෙන නිසා ඒවා ගැන ලියන්න හිතුවේ නැහැ.

මේ වැඩේ කරන්න ගිහිල්ලා යම් ගැටළුවක් අවොත් Commnet මාර්ගයෙන් අහන්න මම උදව් කරන්නම් 
අනිවාර්යෙන්.

ඒ වගේම මගේ ලිපියට කැමති නම් පහත Share Buttion ඔබලා ඔයාගේ යාළුවන්ට පෙන්වන්න Share කරන්න

ස්තුතිය.

7 comments

@Mahesh Doranegoda Thank You Comment එකට

@සුරෝෂන ඉරංග Thank You Comment එකට

මේ ඒක නෙවෙයි Domain එකට කියක් ගියාද බෝල............

@SB made .info නම් $ 2.69 මම ගත්තේ, .com නම් $ 8

හැබැයි .com .org .info Rs 100 ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා Ez Cash වලින් මට Facebook req එවන්න කියලා දෙන්නම්. https://www.facebook.com/nranaweera

Comment එකක් දාලා යන්න සිතුන ඔබට ගොඩක් ස්තුතිය
EmoticonEmoticon

අපේ අවසරයක් නොමැතිව මෙම ලිපි උපුටා ගැනීමෙන් වලකින්න. info@lktips.info