Truecaller වලට ඔයා නොදැනුවත්ම ඔයාගේ Number ඒක ඇතුළු වෙලා තියෙනවනම් ඉවත් කරගන්නේ මේ විදියටයි


Truecaller කියන්නේ ස්මාට් Phone වලට දෙන App එකක් මේ App එක Phone වල Install කර ගත්තට පස්සේ ඒ Phone වල තියෙන සියළුම Contacts Truecaller ලගේ Database එකේ ස්වයංක්‍රීයව Save වෙනවා. එහෙම Save කරගත්තාට පස්සේ Truecaller App ඒක Install කරගෙන ඉන්න දුරකතනයකට ඔයා දුරකථන ඇමතුමක් ලබා ගන්නකොට ඔයාගේ නම වැටෙනවා.

ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ Truecaller App එක Phone එකේ Install කරගන්නකොට ඔහුන්ට ලබා දෙන E-mail , Phone Number ඇතුළු අනෙකුත් විස්තර නිසයි කියලා ඇමතුමක් ලබා ගන්නකොට එහෙම නම වැටෙන්නේ එහෙම එකක් නැහැ ඔයා Truecaller App ඒක Install කරගෙන හිටියත් නැතත් ඔයාගේ ඔයාගේ Number ඒක Truecaller ලගේ DB එකේ Save වෙලා තියෙන්න පුළුවන් ඔයාගේ නෑදෑ හිත මිතුරෙක් Truecaller භාවිතා කරනවානම් එයා ඔයාගේ Number ඒක එයාගේ Phone එකේ Contacts වල මොකක් හරි නමකින් Save කර ගත්ත හැටියේ Truecaller ලගේ Database එකට ඔයාගේ Number ඒක ස්වයංක්‍රීයව ඇතුළු වෙනවා.

නම නැතුව වෙන මොකක් හරි නමක් වැටෙන්න පුළුවන් මොකද මම කලින් කිව්ව විදියට එයාලගේ App ඒක Install කරගෙන ඉන්න දුරකථන වල තියෙන Contacts එයාලගේ Database එකේ Save කර ගන්නවා ඉතින් ගොඩක් වෙලාවට සමහර අය Contacts Save කර ගන්නේ සුදු , පැටියෝ , මල්ලි , පුතා , තාත්තා , අම්මා වගේ නොයෙක් නම් වලින්නේ ඉතින් ඒ නම් වලින් ඔයාගේ දුරකථනය අංකය Truecaller ලගේ Database එකේ Save වෙලා තියෙනවනම් ඔයා Truecaller App ඒක Install කරගෙන ඉන්න දුරකථනයකට ඇමතුමක් ලබා ගන්නකොට එ නම් වැටෙන්න පුළුවන්.

 Truecaller ලගේ Database එකෙන් ඔයාගේ Number ඒක ඉවත්කර ගන්නා ආකාරය

1. මුලින් ම https://www.truecaller.com/ වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාගේ Number ඒකට නමක් වැටෙනවද කියලා Search කරලා බලන්න. (ලොග් වෙන්න Google Login (Gmail) හෝ Micosoft Login (Outlook.com , hotmail) භාවිතා කරන්න.)


එතකොට පහත පරිදි නම වැටෙන්න ඕනේ


2. නම ඉවත් කර ගන්න මෙතනට යන්න https://www.truecaller.com/unlisting එතනට ගිහින් Phone Number Type කරන්න තියෙන කොටුවේ ඔයාගේ Number ඒක මුල තියෙන 0 නැතුව +94 මුලට එකතු කරලා (උදා +94771xxxxxx) Type කරල i'am Not Robet
කියන එකත් ක්ලික් කරලා Unlist phone number බටන් ඒක මත ඔබන්න. එතකොට පැය 24 ඇතුලත එයාලගේ Database එකෙන් ඔබේ Number ඒක ඉවත් වෙයි. මගේනම් Number ඒක ඉවත් වෙන්න ගියේ විනාඩියක් වගේ කාලයක්



3. Number එකට වැටෙන නම ඉවත් උනාද කියලා නැවත Truecaller වෙබ් අඩවියට ගිහිල්ලා Search කරලා බලන්න එතකොට පහත ආකාරයෙන් දිස්වෙන්න ඕනේ.


මේ වැඩේ කරන්න ගිහිල්ලා මොකක් හරි ගැටළුවක් අවොත් Commnet මාර්ගයෙන් අහන්න මම උදව් කරන්නම් අනිවාර්යෙන්.

ඒ වගේම මගේ ලිපියට කැමති නම් පහත Share Buttion ඔබලා ඔයාගේ යාළුවන්ට පෙන්වන්න Share කරන්න.

ස්තුතිය.

2 comments

Comment එකක් දාලා යන්න සිතුන ඔබට ගොඩක් ස්තුතිය
EmoticonEmoticon

අපේ අවසරයක් නොමැතිව මෙම ලිපි උපුටා ගැනීමෙන් වලකින්න. info@lktips.info