මෙම ලිපි උපුටා ගන්නේ නම් මුල් ලිපියට Link එකක් දීමට කාරුණික වෙන්න.

Lubuntu මෙහෙයුම් පද්ධතියේ Flash player එක ස්ථාපනය කරමු



බ්ලොග් එකේ කෙනක් අහලා තිබුනා කලින් ලිපියක Lubuntu වල Flash player එක දාගන්න හැටි . ඉතින් හිතුනා මම Flash player එක දාගන්ත හැටි ලියන්න අද . හරිම ලේසි Flash player එක දාගන්න එක .

කි බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක අරන් පහත Commend එක type කරලා Flash player එක Install කරගන්න.

sudo apt-get install adobe-flashplugin

Linux වල වැඩ කරන්නේ නැති USB Modem වලින් අන්තර්ජාලයට පිවිසෙන ආකාරය

මම Lubuntu දැම්මට පස්සේ මට මෙච එකම ප්‍රශ්නය තමයි මගේ Dongel එක වැඩ කරන්නේ නැති උන ගැටළුව. මේකට කරන්නේ මොකද කියලා මම හොයලා බැලුවා Internet එකෙන් එතකොට හමුඋනා මේකට සුදුසු පොඩි Software එකක් මේකේ නම sakis3g
 මේකෙන් පුලුවන් Linux වල වැඩ කරන්නේ නැති USB Modem වලින් වැඩ ගන්න .
 ඔය කඩේ තියෙන චීන" දුරකථන උවද පරිගනකයට සම්බන්ද කරන්න පුලුවන් මේ Software එකෙන්.

1. දැන් මුලින්ම මේ Software එක Download කරගන්න . මෙතනින් මේක පොඩි File එකක් Mb 1 වත් නැහැ https://github.com/Trixarian/sakis3g-source

2. දැන් Download කරගත්ත ZIP එක Desktop එකට extract කරගන්න.

3. ඊට පස්සේ ඒ extract කරගත්ත sakis3g-source-master file එක Open කරගන්න.

4. එකේ ඇතුලේ තියෙන src file එක Open කරගන්න

5. Src FIle එකේ ඇතුලේ තියෙන sakis3g කියන නමින් shell Script එකක් ඇති එක ඩබල් ක්ලික් කරන්න. කරලා Exicute කියන එක ඔබන්න.

ඊට පස්සේ පහත රුපයේ වගේ එකක් ලැබේවි. එකේ connect with 3g select කරලා ok ඔබන්න.


ඊළගට USB Device තෝරලා ok ඔබන්න

GAE වල Proxy අඩවියක් නිර්මානය කරගන්න ආකාරය


අද මම ලියන්නේ Google App engine වල Proxy අඩවියක් Host කරන ආකාරය පිළිබදවයි. Google App engine කියන්නේ Google ලගේ Hosting එක. මේකේ නොමිලේ වගේම මුදලට ඔහුන් Hosting ලබා දෙනවා. ඔහුන් නොමිලේ 1Gb disk space එකක් හා bandwidth එක Per day 1gb ලබාදෙනවා. අපිට .com වැනි Domain Name එකක් බාවිතා කිරීමේ හැකියාව තියෙනවා Google App engine සදහා. අන්න ඒ නොමිලේ දෙන ඉඩේ Proxy අඩවියක් සාදා ගන්න හැටි තමයි මම දැන් ලියන්නේ.

හරි අපි දැන් බලමු Proxy අඩවිය සාදන ආකාරය.

මේ සදහා අපිට මෘදුකාංග දෙකක් ඕන වෙනවා. මේ දෙක මෙතනින් බාගන්න.

1. http://www.python.org/download/releases/2.6.4/#download මේකෙන් 2.6.4 MSI අරන් Computer එකේ Install කර ගන්න.

2 http://code.google.com/appengine/downloads.html#Google_App_Engine_SDK_for_Python අපි හදපු අඩවිය Upload කරන්න මේ Software එක ඕන වෙනවා මේක. එකත් අරන් Computer එකේ Install කරගන්න.

දැන් Google App engine Account හදා ගන්න ඕනේ. එකට මෙතනට යන්න. https://appengine.google.com

Lubuntu වල Windows Software Install කර ගමු


Lubuntu වල Windows Software Install කරගන්න ආකාරයයි මම අද කියලා දෙන්නේ. ඇත්තටම Windows Software Linux වල Install කරලා බාවිතයට ගන්න තරම් උවමනාවක් නැහැ . මොකද Linux වලටත් Winodws වලට වඩා හොද free දෙන Software හැම එකක් වගේම තියෙනවා. එත් Windows Software එකක් ඉතාම අවශ කෙනක් ට අද මම කියලා දෙන විදියට Linux වල Install කරලා බාවිතයට ගන්න පුලුවන්.

Lubuntu වල Windows Software Install කරන්න කලින් Wine කියලා Software එකක් තියෙනවා ඒක Install කරගන්න ඕනේ.

දැන් කි බෝඩ් එකේ CTRL + Alt + T ඔබන්න. ඔබලා terminal එක ගන්න terminal එකේ පහත commands එක Type කරලා Enter ඔබන්න.

sudo add-apt-repository ppa:ubuntu-wine/ppa

sudo apt-get update

sudo apt-get install wine

දැන් Wine Install වෙලා ඇති.

දැන් Wine කියාත්මක කරගන්න ඕනේනේ එකට අපි Windows වල තියෙන Notepad Software එක Install කරගමු .

එකට මේක ගහන්න

wine notepad.exe

දැන් Menu එකේ අලුත් Menu එකක් ඇවිල්ලා ඇති Wine කියලා. Wine එකේ Menu එකක් තියෙනවා තව Accessories කියලා . එකේ තමයි අපි Install කරන Windows Software තියන්නේ. ඔය Wine Menu එකේ ම තියෙනවා අපි Install කරපු Windows Software Uninstall කරගන්න තැනකුත් එකෙන් පුලුවන් ඕනේ නැති ඒවා Uninstall කරගන්න .

ඔය Wine Software එක Lubuntu වලින් uninstall කරගන්න ඕනම්. terminal එකේ මේ commands එක copy කරලා Paste කරන්න.

sudo apt-get remove wine

Lubuntu වල Modem Manger Gui එක Install කරගන්න ආකාරය



Lubuntu වල USB Modem එකෙකින් Internet යන හැටි මම කලින් දවසක් ලිව්වා එත් Lubuntu වල Internet Speed , SMS , USSD ,Siganl වගේ ඒවා බලන්න බැහැ අන්න ඒවා බලන්න පුලුවන් Software එකක් Install කරගන්න ආකාරය තමයි අද ලියන්නේ. මේකේ නම Modem Manger Gui

කී බෝර්ඩ් එකේ CTRL + ALT + T ඔබලා terminal එක ගන්න . එකේ පහත කෝඩ් එක copy කරලා Paste කරලා කීබෝඩ් එකේ Enter ඔබන්න.

sudo add-apt-repository ppa:linuxonly/modem+manager+gui
sudo apt-get update
sudo apt-get install modem-manager-gui

ඊට පස්සේ Menu එකේ System tool වලට Modem Manger Gui කියලා එකක් ඇවිල්ලා ඇති එචරයි.

ඔබ Sakis3g බාවිතා කරලා අන්තර්ජාලයට පිවිසෙන කෙනක් නම් පමණක් පහත පියවර අනුගමනය කරන්න. නැත්තම් Modem Manger Gui හි Transmission Speed එක පෙන්වන එකක් නැහැ

මුලින් Modem Manger Gui හි Edit - Modules යන්න.

එකේ Connection Manger එක pppd >= 2.4.5 ලෙස ලබා දෙන්න. ඊට පස්සේ Apply ඔබන්න.

ඊට පස්සේ Modem Manger Gui එක සම්පුර්ණයෙන් Close කරන්න. System Tray එකේ Modem Manger Gui එකේ Icon එක තියෙනවනම් එතනට Mouse අරන් ගිහිල්ලා Modem Manger Gui එකේ Icon එක උඩ Right ක්ලික් කරලා Quit ඔබන්න.

ඊට පස්සේ නැවත Modem Manger Gui Open කරගෙන බලන්න එතකොට අනිවාර්යෙන් Transmission Speed එක වැටෙයි.

Lubuntu 14.04 Install කරන ආකාරය [Video]


මට හිතුනා අද Lubuntu Install කරන ආකාරය ගැන ලියන්න. 
මම කලින් කිව්වා නේ Lubuntu කියන්නේ මොකක්ද කියලා . (ඒ ලිපිය බැලුවේ නැතිනම් මෙතන ඔබලා ගිහින් බලන්න ) 
Lubuntu ගැන පුංචි විස්තරයක් මෙතන ලියන්නම් නැත්ම් ටිකක් ලිපියම අප්ස්ට් වගේ නේ. Lubuntu කියන්නේ RAM එක අඩු පරිගණක වලට හදපු OS එකක්. Lubuntu වල වැඩ කරන්න උපරිම MB 90 RAM එකක් සැහේ. මේක හදන්නෙත් Ubuntu එකෙන්. Ubuntu සහ Lubuntu අතර කිසිම තාක්ෂණික වෙනස්කමක් නැ වෙනසකට තියෙන්නේ අඩු රැම් දාරිතාවක් බාවිත කරන පරිශීලක අතුරු මුහුණතක් බාවිත කිරීමයි. 
තවත් වැඩි විස්තර කලින් දුන්න ලිපියෙන් බලන්න.

Lubuntu 14.04 Install කරන හැටි තියෙන Video එකක් මන් හොයා ගත්තා Youtube එකේ තිබිලා. මම ඔය පහත දාලා තියන්නේ ඒක. ඒක බලලා ඔබත් Lubuntu Install කරනවනම් කර ගන්න පුලුවන්.

Lubuntu Install කරගන්න කලින් Download කරගන්න ඕනේ නේ . එකට මෙතනට යන්න. https://help.ubuntu.com/community/Lubuntu/GetLubuntu 696 Mb විතර තියෙන ISO එක.

Ubuntu / Debian VPS එකකට VNC වලින් Login වෙන ආකාරය


මම අද ලියන්නේ Ubuntu / Debian VPS එකකට VNC වලින් ලොග් වෙන ආකාරය ගැනයි.


මුලින්ම RAM එක 512 වැඩි Linux VPS එකක් මිල දී ගන්න. (Wine දාලා Hitleap Run කරන්න වගේ යනවනම් 1Gb RAM එකක් සහිත VPS එකක් ගන්න එක හොදයි)


ඊළගට Ubuntu / Debain OS දෙකෙන් ඕනම සංස්කරණයක් install කරගන්න. (Wine වගේ භාවිතා කරන්න ඉන්නවනම් Ubuntu වල 32bit සංස්කාරණයක් දාගන්න එක හොදයි. 64bit ඒවාගේ මටනම් Wine වැඩ කලේ නැහැ.)




ඊට පස්සේ Putty Download කරගන්න.


Putty Host Name එකට VPS එකේ IP එක දීලා Open ඔබන්න.


ඔය Security Aleat එකට Yes ඔබන්න.


ඊට පස්සේ එනවා Windows වල CMD එක වගේ එකක් එකේ login as: කියන එක ඉදරියෙන් root කියලා Type කරලා Keyboard එකේ Enter ඔබන්න.

ඊළගට root Password එක Type කරන්න. එකේ Type වෙනවා පෙන්නේ නැහැ එත් එතන වදිනවා. (Paste කරනවනම් එතන ක්ලික් කරලා Mouse එකේ Right ක්ලික් කර ගමන් Paste වෙනවා.) ඊට පස්සේ Enter ඔබන්න.

VPS එකට SSH වලින් ලොග් උනාම මෙන්න මේ වගේ


ඊලගට පහත command එකෙන් එක Type කරලා Enter ඔබන්න.




apt-get update



ඊළගට apt-get install xorg lxde-core tightvncserver - y



මෙහෙම එකක් එයි එකට English US තෝරලා Keyboard එකේ Enter ඔබන්න



ඊළගට

tightvncserver :1


දැන් VNC එකේ Password එක හදා ගන්න ඕනේ. කැමති Password එකක් ගහලා Enter ඔබන්න. Verify වලට ඒ Password ඒකම ගහලා Enter ඔබන්න. එතකොට හරි. ඒ Password එක කොහේ හරි Save කරලා තියාගන්න.

ඊලගට Would you like to enter a view-only password එකක් එනවා එකට n ගහලා Enter ඔබන්න



දැන් VNC Install කරගෙන ඉවරයි. 
VNC වලට ලොග් වෙන්න VNC viewer Software එක මෙතනින් Download කරගන්න  
ඒක පොඩි Software එකක්. Install කරන්න දේකුත් නැහැ Desktop එකට දාලා Open කරන්න ඒක.
 ඊට පස්සේ ඔයාගේ VPS එකේ IP එකේ අන්තිමට :5901 එකතු කරලා මෙන්න මේ වගේ xxx.xxx.xxx.xxx:5901 VNC viewer එකේ Server address කියන තැනට දාලා Keyboard එකේ Enter ඔබන්න 
දැන් Password එකක් අහයි එකට VNC Install කරනකොට දුන්න Password එක දෙන්න.

දැන් VPS එකේ Desktop එක ලෝඩ් වෙයි මෙන්න මේ වගේ.


ඔයා VPS එක reboot හෝ Power Off කරලා On කොලොත් හරි VNC Off වෙනවා. නැවත VNC On කරගන්න පහත Commend එක භාවිතා කරන්න.

tightvncserver :1

දැන් VNC Install කරගෙන ඉවරයි. ගැටළු එහෙම තියෙනවනම් අහන්න

-------------

තව ඕකට firefox එහෙම දාගන්න ඕනම් මෙන්න Command එක

apt-get install firefox

Mouse එක x වගේ පේනවනම් lxappearance දාලා. VNC වලින් ලොග් වෙලා එක Open කරලා Close කරානම් Mouse mouse pointer එක එනවා.

apt-get install lxappearance

Wine දානවනම්

apt-get install wine

hitleap දානවනම්.

cd Desktop

wget -O hitleap.msi http://hitleap.com/viewer/latest

wine start hitleap.msi

Free Reseller Hosting ලබා දෙන අඩවි දෙකක්

මම අද දෙන්නේ Free Reseller Hosting දෙන අඩවි දෙකක් . මේ අඩවි දෙකෙන් එකකින් Free Reseller අරන් ඔබට පුලුවන් free hosting සේවාවක් ආරම්භ කරන්න .

පලවෙනි අඩවිය තමයි http://youhosting.com


මේකේ Features මේවා .

TOTAL DISK SPACE - No Limit!
DISK SPACE - (PER DOMAIN) 10 GB
TOTAL BANDWIDTH - No Limit!
BANDWIDTH (PER DOMAIN) - 100 GB / Month
MAX VISITORS (PER DOMAIN) - 10000 / Day
MYSQL REQUESTS (PER DOMAIN) - 25000 / Hour
MULTIPLE SERVERS - Yes
MULTIPLE IP ADDRESSES - Yes
BACKUPS & UPTIME GUARANTEES - No
PRIORITY SUPPORT - No
SUPPORT BY LIVE CHAT - No
ESCALATE CLIENT TICKETS - No
SENDING NEWSLETTERS - No
EXPORTING CLIENTS & ACCOUNTS - No
ACCEPT CLIENTS FROM HIGH RISK COUNTRIES - No

WordPress වලින් සිංඩිකේටරයක් සාදා ගන්නා ආකාරය

අද මම ලියන්නේ සින්ඩිකේටරයක් පහසුවෙන් නිර්මාණය කරගන්න ආකාරය ගැන. 
සින්ඩිකේටරයක් කියන්නේ දළ වශයෙන් කිව්වොත් වෙබ් අඩවියක යවත්කාලීන කිරීම් පිළිඹඳව අවදියෙන් ඉඳල නිශ්චිත කාල පරාසයකට සැරයක් අදාල අඩවි වල RSS ෆීඩ්ස් කියවල යාවත්කාලීන කිරීම් එක තැනක දක්වන වෙබ් අඩවියකට.
මේ සදහා මුලික ද්‍රව්‍ය විදියට domain name එකක් හා වෙබ් Hosting පැකේජයක් අවශ වෙනවා

දැන් ඔබ ලබා ගත් Hosting පැකේජ්යේ WordPress Install කරගන්න සිදු වෙනවා. දැන් බොහෝ Hosting පැකේජ් වල Auto Install පහසුකම තියෙන නිසා WordPress Install කරන හැටි මම කියලා දෙන්න ඔනී නැහැ නේ WordPress Install කර ගත්තට පස්සේ , ඔබේ WordPress පාලක පැනලයට පිවිස Plugin වෙත ගොස් මේ feedwordpress Plugin එක ඔබේ අඩවියට එකතු කර සකීය කරගන්න. (feedwordpress Plugin එක මෙතනින් ගන්න http://wordpress.org/extend/plugins/feedwordpress/

Plugin එක සක්‍රීය උනාට පස්සේ ඔබට පෙනේවි. WordPress පාලක පැනලයේ වම් side bar එකේ යටම Syndication කියලා නව අංගයක් එකතු වෙලා තියෙනවා
දැන් තියෙන්නේ බ්ලොග් අඩවි එකතු කරන්න. දැන් Syndication කියන එක ඔබලා එතනට යන්න. (එතන තමයි ඔය රුපයේ පෙනෙන්නේ.)

පැරණි පරිගණක සදහා Lubuntu


මේ මෙහෙයුම් පද්ධතිය පැරණි පරිගණක වලට වඩාත් ගැලෙපන මෙහෙයුම් පද්ධතියක්.
 මේකේ නම Lubuntu මෙය Ubuntu පාධක මෙහෙයුම් පද්ධතියක්. 
 Ubuntu මෙහෙයුම් පද්ධතියට LXDE Desktop Environment එක දාලා තමයි මේ OS එක නිර්මාණය කරලා තියෙන්නේ
ඒ වගේම මේ LXDE Desktop Environment එකට පරිගණකය කරදරයකින් තොර බාවිත කිරීමට අවශ්‍ය වන්නේ උපරිම 90MB රැම් මතක ප්‍රමාණයක් පමණයි.


Lubuntu 14.04 LTS (Trusty Tahr) මෙහෙයුම් පද්ධතියේ Screenshot කිහිපයක් පහතින්.