මෙම ලිපි උපුටා ගන්නේ නම් මුල් ලිපියට Link එකක් දීමට කාරුණික වෙන්න.

හැකර් ලා බාවිතා කරන Linux මෙහෙයුම් පද්ධතිය


මේ මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නේ හැකර් ලා. මේක Debian පද්ධතිය මුලික කරමින් නිර්මාණය කල මෙහෙයුම් පද්ධතියක්. ඒ වගේම මේ මෙහෙයුම් පද්ධතිය Blacktrack Linux ලෙස පෙර ගොඩක් ජනප්‍රිය උනා. නමුත් දැන් මෙය හදුන්වන්නේ Kali Linux කියලා. ඒ වගේම මේක නොමිලේ ලබා දෙන මෙහෙයුම් පද්ධතියක්. මේ මෙහෙයුම් පද්ධතියේ හැක් කිරීමට අවශ්‍ය tool 300 ක් විතර තියෙනවා. මේ මෙහෙයුම් පද්ධතිය http://www.kali.org අඩවියෙන් Download කරගන්න පුලුවන්.

Kali Linux මෙහෙයුම් පද්ධතිය හැකර් ලා භාවිතා කරන මෙහෙයුම් පද්ධතියක් නිසා මම මේක භාවිතා කරන ආකාරය ගැන ලියන්නේ නැහැ. නමුත්  මේ මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන ආකාරය ගැන අන්තර්ජාලයේ ලිපි ඕන තරම් තියෙනවා ඔබට සොයාගෙන කියවන්න ඒ ගැන වැඩි දුර දැනුවත් වීමට කැමැති නම්

ඕනම වෙබ් පිටුවක් PDF එකක් කරන්න පුලුවන් වෙබ් අඩවියක්


මේ අඩවියේ නම PDFMYURL.COM මේ අඩවියෙන් පුලුවන් ඕනම වෙබ් පිටුවක් PDF එකක් විදියට සකසා ගන්න.

මේ තියෙන අඩවියට මුලින්ම යන්න. http://pdfmyurl.com ඊට පස්සේ PDF එකක් කරගන්න ඕන වෙබ් පිටුවේ ලිපිනය දීලා Convert PDF ඔබන්න .

එචරයි එතකොට ඒ වෙබ් පිටුව PDF එකක් වෙලා Download වෙයි.

WordPress සයිට් එකක Password එක phpMyAdmin වලින් Rest කරන ආකාරය


මට මාර සින් එකක් උනා ඊයේ. මට තිබුනා Wordpress සයිට් එකක බැකප් එකක් ඒ සයිට් එක කරන එක නවත්තලා දාපු එකක් . දැන් කොහොම හරි බැකප් එක upload කරලා සයිට් එකත් හැදුවට පස්සේ . මට සයිට් එකට Login වෙන්න pass මතක නැහැ . Password එක Rest කරන්න පුලුවන් උනත් කෙරුවට වැඩක් නැහැ සයිට් එකේ Wordpress Install කරද්දී දුන්න E-mail එක දැන් මගේ ලග නැහැ (ඒක මන් Delete කරලා ) පස්සේ මට හිතුනා. Wordpress සයිට් එකේ Database එකෙන් Password එකේ වෙනස් කරන්න පුලුවන් කියලා .

ඊට පස්සේ Cpanel එකේ phpMyAdmin වලින් Database එකට ගිහිල්ලා වැඩේ පහසුවෙන් කර ගත්තා. ඉතින් මට මේක කර ගත්ත හැටි ලියන්න හිතුනා.

මුලින් ම Cpanel එකට Login වෙන්න (Wordpress සයිට් එක හදපු Host එකේ)

ඔබන්න කෙලින්ම phpMyAdmin


ඊළගට phpMyAdmin වලින් ඔබේ Wordpress සයිට් එකේ Database එක තෝරාගන්න.

එකේ තියෙන Browse Tab එක ඔබන්න.


එකේ තියෙනවා wp_users කියලා table එකක් ඒක ඔබන්න.

ඊළගට ඔය රුපයේ පරිදි wp_users එකේ පැන්සල් ලකුණ ඔබන්න.


ඊළගට තියන්නේ අලුත් Password එක දාන එක Database එකට . අර පැන්සල් ලකුණ ඉබුවට පස්සේ පහත රුපයේ වගේ තැනකට යාවි එතන තියෙනවා user_pass field එකක් එකේ value එකේ තියෙන ඒවා සම්පුර්නයෙක් මකන්න. (එතන තියන්නේ ඔබ කලින් දාපු Password එක . හැබැයි වෙනස් විදියකට තමයි එක save වෙන්නේ . අපි අලුතින් දාන Pass එකත් ඒ විදියටම save කරන්න වෙනවා )


ඊළගට යන්න මේ සයිට් එකට. http://pajhome.org.uk/crypt/md5/


දැන් ඔය සයිට් එකේ Input Calculate කියන තැනට Wordpress සයිට් එකට දාන අලුත් Password එක දීලා MD5 ඔබන්න. ඊට පස්සේ Result එකට එන කෝඩ් එක Copy කරගෙන . අර user_pass field එකේ value එකට Paste කරන්න. කරලා යට තියෙන Go කියන එක ඔබන්න save වෙන්න . ඊට පස්සේ ඔබේ Wordpress අඩවියට Login වෙන්න අලුත් Password එක දීලා .


මේ තියන්නේ ඕක කරන හැටි තියෙන Video එකක්






ලින්ක්ස් ගැන


ලිනක්ස් යනු යුනික්ස් හා සමාන මෙහෙයුම් පද්ධතියකි. ලින්ක්ස් විවෘත කේත මෘදුකාංගයක සංවර්ධනයට ප්‍රකට නිදසුනක් වන අතර වානිජමය මෙහෙයුම් පද්ධති වන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා මැක් ඕඑස් එක්ස් මෙන් නොව මෙහෙයුම් පද්ධතියේ සියලු කේතයන් ලෝකයේ ඕනෑම කෙනෙකු හට නොමිලයේ භාවිතයට, ලබා ගැනීමට, බෙදා හැරීමට හා වෙනස් කිරීමට ඉඩ සලසයි.

ආරම්හක යුගයේදී ලිනක්ස් සංවර්ධනය හා පාවිච්චි කිරීම සිදුවූයේ ලිනක්ස් ලෝලීන් සීමිත පිරිසක් අතර පමණි. නමුත් පසු කාලීන ව IBM, Sun Microsystems, Hewlett-Packard, Novell වැනි සමාගම් ලිනක්ස් සර්වර් මෙහෙයුම් පද්ධතියක් ලෙස දියුණු කෙරිණී. වර්තමාන ව ලිනක්ස් වැඩතල මෙහෙයුම් පද්ධතියක් ලෙස ප්‍රචලිතව ඇත. මෙය ජංගම දුරකතන වල සිට සුපිරි පරිගනක දක්වා විහිදී ඇත. මෙහි ඇති විශ්වාසීදායකත්වය, ආරක්ෂාව, අඩු වියදම හා නිදහස මෙහි සාර්තකත්වයට හේතුවී ඇත.

ඉතිහාසය

වසර 1991 දී පින්ලන්තයේ හෙල්සින්කි විශ්වවිද්‍යාලයට ඇතුලත් වන ලීනස් ට්‍රොවල්ඩ්ස් නම් 21 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවා පරිගණක මෙහෙයුම් පද්ධති පිළිබඳ උනන්දුවක් දැක්වූවෙකි. ඔහු විශ්වවිද්‍යාලය්දී අධ්‍යාපනික කටයුතු සඳහා භාවිත කලේ ඔහුගේ ගුරුවරයා වු ඇමෙරිකානු ජාතික මහාචාර්ය ඇන්ඩෘ ටැනන්බෝම් විසින් ක්‍රමලේඛ ගතකරන ලද [Unix] වැනි MINIX නමැති මෙහෙයුම් පද්ධතියයි. ඔහු මෙම මෙහෙයුම් පද්ධතියේ ඇති ක්‍රමලේඛ භාවිතකරමින් සහ වැඩිදියුණු කරමින් ලිනක්ස් කර්නලය නිර්මාණය කරන ලදි. පසුව ඔහු විසින් අන්තර්ජාලයට මුදාහරින ලද එම ක්‍රමලේඛණය ලොවපුරා සිටින පරිගණක ක්‍රමලේඛණ ශිල්පීන්ගේද දායකත්වයෙන් වැඩිදියුණු කිරීමෙන් අනතුරුව රිචඩ් ස්ටෝල්මන්ගේ GNU Project ව්‍යාපෘතිය මඟින් නිපැයුණු වැඩසටහන් සමඟ ඒකාබද්ධ කරමින් Linux මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක විය.

විකිපීඩියා ඇසුරෙනි. Linux ගැන වැඩි දුර කියවීමට http://si.wikipedia.org/wiki/%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A