මෙම ලිපි උපුටා ගන්නේ නම් මුල් ලිපියට Link එකක් දීමට කාරුණික වෙන්න.

Ubuntu මෙහෙයුම් පද්ධතියට Cinnamon Desktop Environment එක Install කරගන්නා ආකාරය

මේ Cinnamon Desktop Environment එක Linux Mint වලට හදපු එකක්, Linux Mint වල Cinnamon Edition එකේ එන්නේ මේක හැබැයි මේක Ubuntu හෝ Debian මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන හදපු ඕනම OS එකකට Install කරන්න පුලුවන්. මමනම් මේක දැම්මේ Xubuntu මෙහෙයුම් පද්ධතියටයි. Windows වලට ආස අයට හොදම DE එක මේක කියලා මම හිතනවා මොකද මේක Windows වල ඉන්ටර්ෆේසස් එකට සමාන කමක් පෙන්වනවා. ඒ වගේම මේක දාන්න මගේ ඉන්ටනෙට් පැකේජ් එකෙන් මට වැය උනේ Mb 60 පමණයි

ඔය පහත තියෙන්නේ මා අන්තර්ජාලයෙන් ලබා ගත් Cinnamon DE එකේ screenshot කිහිපයක්.



Forum එකක් සාදා ගන්නා ආකාරය


Vanilla forum Script එකෙන් forum එකක් සාදා ගන්න ආකාරය තමයි අද කියලා දෙන්නේ, කලකට ඉස්සර තිබුණ ගීක් එක Sinhalahelp එක වගේ වෙබ් අඩවි හදලා තියෙන්නේ මේ වැනිලා Script එකෙන් ගිය අවුරුද්දේ මමත් Vanilla forum එකක් කළා මේ Vanila Script එක බාවිතා කරලා ඒක නිසා වැනිලා ගැන සුළු අත්දැකීමක් ගන්න පුලුවන් කමක් ලැබුණා. වැනිලා සිංහලට පරිවර්තනය කළ ෆයිල් එකක් මන් ලග තියෙනවා ඒ පයිල් එකත් මේ ලිපියෙන් ඔබට දෙනවා.

වැනිලා forum එකක් කරන්න මුලික වශයෙන් ඕන වෙනවා Domain + Hosting ඒවා ගැන මන් කියලා දෙන්න අවශ්‍ය නැහැ කියලා සිතෙනවා ඒක නිසා ඒවා ඔබට කැමති තැනකින් මිල දී ගන්න. ටෙස්ට් කරලා බලන්න විතරක් කරනවනම් මේ සදහා Free Web Hosting එකක් බාවිතා කරන්න ෆ්‍රී හොස්ටින්ග් වලට https://byet.host/free-hosting හොදයි

OneDrive වෙතින් නොමිලේ 0.5Gb ඉඩක් ලබා ගන්න.


Onedrive වලින් ඕනම ගිණුමකට නොමිලේ ලබා දෙන්නේ Gb 15 යි , ඒ ඉඩ ප්‍රමානය තවත් වැඩි කරන්න පුලුවන් Ref Link වලින් ඔබ කාට හරි Ref Link දීලා ඔහු එම Ref Link එකෙන් ගිහිල්ලා රෙජිස්ටර් උනොත්, රෙජිස්ටර් උන කෙනාටයි Ref Link දුන්න කෙනාටයි දෙන්නාටම Free 0.5Gb ලැබෙනවා.

මගේ Ref Link එකනම් මේක මේකෙන් ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න පුලුවන් https://onedrive.live.com/?invref=80438370af795813&invsrc=90

බ්ලොග් ලියන්න අරන් හරියටම අවුරුදු 6යි



බ්ලොග් ලියන්න අරගෙන අදට හරියටම අවුරුදු 6ක් වෙනවා. හැමදාම ලියන දේ අදත් මම ලියන්න ඕනේ නැහැනේ ඒක නිසා මම බ්ලොග් ලියන්න පටන් ගත්ත හැටි කතාව ගිය අවුරුද්දේ ලියපු එක මෙතන තියෙනවා. ඒක එතනට ගිහින් කියවන්න. http://lktipsblog.blogspot.com/2014/11/6.html

ඉතින් මගේ බ්ලොග් එක බලන හැමෝටම ස්තුතිය. !!

Lubuntu 14.04 LTS වල සිංහල Type කරන ආකාරය

Lubuntu වල සිංහල බලන්න පුලුවන් උනාට සිංහල Type කරන්න බැහැ. ඔය Google Input Tool Plugin එක Google Chrome වලට දාලනම් සිංහල Type කරන්න පුලුවන් හැබැයි මම කියන්නේ ඒ විදිය ගැන නොවේ. මම කියන්නේ English Type කරනවා වගේ keyboard එකෙන් Sinhala Type කරන්න බැහැ කියලයි එකට Lubuntu වල මෘදුකාංගයක් Install කරලා අවශ සැකසීම් සකස් කර ගන්න වෙනවා. අන්න ඒ ටික කර ගන්න හැටි මම කියලා දෙන්නම්.

මුලින්ම keyboard එකේ CTRL + Alt + T ඔබලා Terminal එක ගන්න. ඊට පස්සේ පහත commands ටික එකේ Type කරලා Enter ඔබන්න

Ubuntu 14.04 / 12.04 මෙහෙයුම් පද්ධති වල Skype ස්ථාපනය කරන ආකාරය


Ubuntu 14.04 , 12.04 Skype Install කරන ආකාරයයි අද මන් කියලා දෙන්නේ.

1. මුලින් ම පරිගනකයේ Start Menu - > Preferences -> Software & Updates ගන්න.

Blogger Template එකේ Credit Link එක ඉවත් කරන ආකාරය


සමහර බ්ලොග් Template තියෙනවා Footer Credit Link ඉවත් කොලොත් බ්ලොග් එකට එන අය ස්වයංක්‍රියව redirect වෙනවා මොකක් හරි වෙබ් අඩවියකට

templateism, templateify, waythemes හා තවත් තැන් වලින් නිර්මාණය කරන Template තමයි ඔහොම වෙනවා කියලා විදෙස් බ්ලොග් වල නම් සදහන් වෙලා තිබුනේ.

වෙබ් අඩවි වල ලියලා තියෙන දේවල් කියවලා දෙන Chrome Extension එකක්


වෙබ් අඩවි වල ලියලා තියෙන දේවල් කියවලා දෙන Chrome Extension එකක් මේක. හැබැයි මේක සහය දක්වන්නේ English හා තවත් බෂා රැසකට විතරයි. සිංහල බසටනම් මේක සහය දක්වන්නේ නැහැ (හැබැයි Snglish වලින් ලියලා තියෙන දෙයක් නම් සිංහල බසින් අහන්න පුලුවන්.)

මේ extension එක දාගත්තට පස්සේ ඔයාට කැමති වෙබ් අඩවියකට ගිහිල්ලා ඒ වෙබ් අඩවියේ ඔයාට කියවාගන්න ඕනේ කොටස Select කරලා Mouse එකේ Right ක්ලික් කරලා එන Menu එකේ SpeakIt! කියන එක ක්ලික් කරනම් හරි. මේ extension එකේ Voice එකත් ඔයාට කැමති Voice එකක් දාගත හැකි. ගැහුණු Voice එකක් ඕනම් එහෙමයි පිරිමි Voice එකක් ඕනම් එහෙමයි. තව එක එක රටවලට ගැලෙපෙන Voice මේකේ තෝරන්න තියෙනවා.

Lubuntu වල GIMP Install කරන ආකාරය


GIMP කියන්නේ photoshop වෙනුවට බාවිතා කරන්න පුලුවන් නොමිලේ දෙන හොදම Software එකක්. මේ Software එක Windows / Linux මෙහෙයුම් පද්ධති දෙකේම බාවිතා කරන්න පුලුවන් හොද Software එකක්. මේ Software එක Windows වල Install කරන එක තරමක් ලේසි උනත් Linux වලට අලුත් කෙනක් ට මේක Install කරගන්න එක ටිකක් අපහසුයි ඒක නිසා Lubuntu වල මේක Install කරගන්න ආකාරය මම ලියන්න සිතුවා.

මුලින් ම ක්‍රි බෝඩ් එකේ CTRL + Alt +T ඔබලා Terminal එක ගන්න.

දැන් එකේ පහත Command එක type කරන්න

sudo apt-get update && sudo apt-get install gimp -y

දැන් GIMP Install කරන් ඉවරයි.

-

Lubuntu වල Pulse Audio Equalizer Install කරමු


Lubuntu මෙහෙයුම් පද්දතියේ අපිට ලැබෙන Sounds එක එක නාද රටා වලින් අහන්න පුලුවන් Software එකක් මේක. මේක නම Pulse Audio Equalizer

හරි මේක Install කරගන්න Terminal එක ගන්න CTRL + Alt + T ඔබලා.

ඊට පස්සේ පහත Command එක ගහලා Enter ඔබලා Install කරගන්න.

sudo apt-get install pulseaudio-equalizer

Lubuntu 14.04 LTS වල Headphone එකේ Mic එක වැඩ කරන්නේ නැතිනම්


මම Headphone එකේ Mic එක ගහලා Pc එකට Skype Call එකක් ගන්න බැලුවා යාළුවකුට පස්සේ බලනකොට Mic එක වැඩ නැහැ. පස්සේ Google Search එකක් දාලා හොයාගත්තා ඕක හදා ගන්න හැටි. Lubuntu 14.04 LTS බාවිතා කරන කෙනක්ට ප්‍රයෝජනවත් උනොත් කියලා එකත් අද ලියන්න හිතුවා.

Lubuntu 14.04 LTS වල Headphone එකේ Mic එක වැඩ කරන්නේ නැතිනම් මේ දේ කරන්න.

මේකට Software එකක් Install කරගන්න වෙනවා. Software එකේ නම Pulse Audio Volume Control

1.ඉසෙල්ලා කී බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක ගන්න.

2.දැන් පහත Command එක Terminal එකේ ගහලා Enter ඔබන්න.

sudo apt-get install pavucontrol

3. ඊලගට Start Menu -> Sound & Video යන්න ගිහින් Pulse Audio Volume Control එක ගන්න.

4. Pulse Audio Volume Control එකේ Output Devices / Input Devices වලින් Headphone එක තෝරන්න. එතකොට වැඩේ හරි

Windows වල වගේ Headphone Mic එකෙන් අපි කියන ඒවා අපේ කනට අය සැරයක් ඇහෙන්නේ නැහැ. ඒක නිසා Skype වලින් Test Call කියන එකෙන් Test Call එකක් අරන් Mic එක Test කරගන්න.

ඔයාගේ Computer එකේ Volume එක අඩු වැඩි කරගන්න පුලුවන් තව ක්‍රමයක් තියෙනවා. Terminal එක අරන් alsamixer කියලා ගහලා Enter ඔබන්න.

Pulse Audio Volume Control එක Uninstall කරගන්න ඕනම් පහත Command එක Terminal එකේ ගහලා Enter ඔබන්න.

sudo apt-get remove pavucontrol