මෙම ලිපි උපුටා ගන්නේ නම් මුල් ලිපියට Link එකක් දීමට කාරුණික වෙන්න.

මේ දවස් වල Chrome ,Opera වලින් Internet යන්න බැරිනම් මේක කරලා බලන්න.


මේ දිනවල Chrome , Opera Web Browser වල Internet සමහර අයට වැඩ නැහැ ඒක ලේසියෙන් හදා ගන්න පුළුවන්  මේ විදියට කොලොත් මේ විදියට කරලා මටනම් Chrome , Opera වලින් Internet යන්න පුළුවන් උණා.

යන්න Control Panel > Internet Option > Connection > LAN Setting > ගිහිල්ලා "Automatically Detect Setting" වලට දාලා තියෙන ක්ලික් එක අයින් කරලා Ok කරන්න. එතකොට Chrome වල Internet වැඩ කරනවා.

පැහැදිලි නැත්තම් පහත රූප ටික බලලා කරගන්න.





ඔය ටික කළානම් Chrome හෝ Opera Web Browser එකේ Internet යන්න පුළුවන් වෙන්න ඕනේ.

ඔයාලට මේ ලිපිය සම්බන්ධයෙන් ගැටළුවක් තියෙනවා නම්  Comment කරලා අහන්න

මගේ ලිපියට කැමති නම් පහත Share Buttion ඔබලා ඔයාගේ යාළුවන්ට පෙන්වන්න Share කරන්න.

ස්තුතිය.

Chrome Extension Opera වෙබ් බ්‍රවුසර් එකට Install කරගන්නා ආකාරය


අද මන් කියලා දෙන්නේ Chrome Extension Opera වෙබ් බ්‍රවුසර් එකට Install කරගන්නා ආකාරය ගැනයි.

1.මුලින් ම පහත Link එකට ගිහින් 'Download Chrome Extension' Extension එක Install කරලා Enable කරගන්න Opera වෙබ් බ්‍රවුසර් එකට.


2. ඊළගට Chrome Web Store එකට ගිහිල්ලා කැමති Extension එකක් Search කරලා සොයාගෙන Add to Opera ක්ලික් කරන්න


3. ටික වෙලාවකින් පහත රුපයේ ආකාරයේ පණිවිඩයක් හෝ වෙනත් ආකාරයේ පණිවිඩයක් දිස්වෙයි එය හොදින් කියවා බලා OK ක්ලික් කරන්න.


4. ඊලගට යන්න Opera වෙබ් බ්‍රවුසර් එකේ Extension වලට ගිහින් ඔයා Install කරන්න හදපු Extension එක එතනට ඇවිල්ල ඇති ඒ Extension එක ඉදිරියෙන් තියෙන
Install මත ක්ලික් කරලා Install කරගන්න.



මේ තියෙන්නේ මන් මීට පෙර Chrome Extension Firefox වලට Install කරන ආකාරය ගැන ලියු ලිපිය

මගේ ලිපියට කැමති නම් පහත Share Buttion ඔබලා ඔයාගේ යාළුවන්ට පෙන්වන්න Share කරන්න.

ස්තුතිය.

නොදන්නා දුරකථන අංකයක භාවිතා කරන්නාගේ නම බලාගන්න පුළුවන් ක්‍රම දෙකක්

අද මම කියලා දෙන්නේ නොදන්නා දුරකථන අංකයක භාවිතා කරන්නාගේ නම බලාගන්න පුළුවන් ක්‍රම දෙකක් ගැනයි (මුලින්ම කියන්න ඕනේ මම මේක ගැන දන්නේ දැන් හුග කලකට කලින් ඉදන් නමුත් මේ ගැන දන්නේ නැති කෙනක් ට උදව්වක් විදියට තමයි මේකත් ලියන්න හිතුවේ.)

පළමු ක්‍රමය තමයි truecaller මේක ගැන ගොඩක් අය දන්නවා. - truecaller කියන්නේ ස්මාට් Phone වලට දෙන App එකක් මේ App එක Phone වල Install කර ගැනීමෙන් පසු ඒ Phone වල තියෙන සියළුම Contacts , ඒ Contacts Save කරගෙන ඉන්න නම් වලින්ම truecaller ලගේ Database එකේ ස්වයංක්‍රීයව Save වෙනවා.
නොදන්නා දුරකථන අංකයක භාවිතා කරන්නාගේ නම බලාගන්න ඕනම් මුලින්ම යන්න https://www.truecaller.com වෙබ් අඩවියට.

1. මුලින් ම පහත රූපයේ ආකාරයට ඔබ සොයන දුරකථන අංකයට අදාළ Country Code එක තෝරන්න. ලංකාවේ දුරකථන අංකයක් නම් +94 තෝරන්න.


2. ඊළගට Search Number කියන තැන Country Code එක හෝ 0 නොමැතිව Number එක Type කරන්න. ලංකාවේ දුරකථන අංකයක් නම් 0 නැතුව Type කරලා ( උදා
77xxxxxxx ) පරිගනකයේ කී බෝඩ් එකේ Enter Key එක ඔබන්න.

3. ලොග් වෙන්න Google Account Login (Gmail) හෝ Micosoft Account Login (outlook ,hotmail ) දෙකෙන් එකක් තෝරලා truecaller වලට ලොග් වෙන්න


4. එතකොට Number එක භාවිතා කරන කෙනාගේ නම truecaller ලගේ Database එකේ තියෙනවනම් පහත පරිදි නම වැටෙන්න ඕනේ


දෙවැනි ක්‍රමය තමයි Facebook, Facebook එකේ උඩ තියෙන Search Box එකේ ඔයාට භාවිතා කරන කෙනාගේ නම සොයාගන්න ඕනේ Number එක Type කරලා Search කරන්න. ඒ අංකය භාවිතා කරන කෙනා Facebook ගිණුමක් ඒ Number එකෙන් හදලා තිබුනොත් Search Result එකේ ඒ Profile එක පෙන්වයි.


මගේ ලිපියට කැමති නම් පහත Share Buttion ඔබලා ඔයාගේ යාළුවන්ට පෙන්වන්න Share කරන්න.

ස්තුතිය.

Truecaller වලට ඔයා නොදැනුවත්ම ඔයාගේ Number ඒක ඇතුළු වෙලා තියෙනවනම් ඉවත් කරගන්නේ මේ විදියටයි


Truecaller කියන්නේ ස්මාට් Phone වලට දෙන App එකක් මේ App එක Phone වල Install කර ගත්තට පස්සේ ඒ Phone වල තියෙන සියළුම Contacts Truecaller ලගේ Database එකේ ස්වයංක්‍රීයව Save වෙනවා. එහෙම Save කරගත්තාට පස්සේ Truecaller App ඒක Install කරගෙන ඉන්න දුරකතනයකට ඔයා දුරකථන ඇමතුමක් ලබා ගන්නකොට ඔයාගේ නම වැටෙනවා.

ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ Truecaller App එක Phone එකේ Install කරගන්නකොට ඔහුන්ට ලබා දෙන E-mail , Phone Number ඇතුළු අනෙකුත් විස්තර නිසයි කියලා ඇමතුමක් ලබා ගන්නකොට එහෙම නම වැටෙන්නේ එහෙම එකක් නැහැ ඔයා Truecaller App ඒක Install කරගෙන හිටියත් නැතත් ඔයාගේ ඔයාගේ Number ඒක Truecaller ලගේ DB එකේ Save වෙලා තියෙන්න පුළුවන් ඔයාගේ නෑදෑ හිත මිතුරෙක් Truecaller භාවිතා කරනවානම් එයා ඔයාගේ Number ඒක එයාගේ Phone එකේ Contacts වල මොකක් හරි නමකින් Save කර ගත්ත හැටියේ Truecaller ලගේ Database එකට ඔයාගේ Number ඒක ස්වයංක්‍රීයව ඇතුළු වෙනවා.

නම නැතුව වෙන මොකක් හරි නමක් වැටෙන්න පුළුවන් මොකද මම කලින් කිව්ව විදියට එයාලගේ App ඒක Install කරගෙන ඉන්න දුරකථන වල තියෙන Contacts එයාලගේ Database එකේ Save කර ගන්නවා ඉතින් ගොඩක් වෙලාවට සමහර අය Contacts Save කර ගන්නේ සුදු , පැටියෝ , මල්ලි , පුතා , තාත්තා , අම්මා වගේ නොයෙක් නම් වලින්නේ ඉතින් ඒ නම් වලින් ඔයාගේ දුරකථනය අංකය Truecaller ලගේ Database එකේ Save වෙලා තියෙනවනම් ඔයා Truecaller App ඒක Install කරගෙන ඉන්න දුරකථනයකට ඇමතුමක් ලබා ගන්නකොට එ නම් වැටෙන්න පුළුවන්.

 Truecaller ලගේ Database එකෙන් ඔයාගේ Number ඒක ඉවත්කර ගන්නා ආකාරය

1. මුලින් ම https://www.truecaller.com/ වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාගේ Number ඒකට නමක් වැටෙනවද කියලා Search කරලා බලන්න. (ලොග් වෙන්න Google Login (Gmail) හෝ Micosoft Login (Outlook.com , hotmail) භාවිතා කරන්න.)


එතකොට පහත පරිදි නම වැටෙන්න ඕනේ


2. නම ඉවත් කර ගන්න මෙතනට යන්න https://www.truecaller.com/unlisting එතනට ගිහින් Phone Number Type කරන්න තියෙන කොටුවේ ඔයාගේ Number ඒක මුල තියෙන 0 නැතුව +94 මුලට එකතු කරලා (උදා +94771xxxxxx) Type කරල i'am Not Robet
කියන එකත් ක්ලික් කරලා Unlist phone number බටන් ඒක මත ඔබන්න. එතකොට පැය 24 ඇතුලත එයාලගේ Database එකෙන් ඔබේ Number ඒක ඉවත් වෙයි. මගේනම් Number ඒක ඉවත් වෙන්න ගියේ විනාඩියක් වගේ කාලයක්



3. Number එකට වැටෙන නම ඉවත් උනාද කියලා නැවත Truecaller වෙබ් අඩවියට ගිහිල්ලා Search කරලා බලන්න එතකොට පහත ආකාරයෙන් දිස්වෙන්න ඕනේ.


මේ වැඩේ කරන්න ගිහිල්ලා මොකක් හරි ගැටළුවක් අවොත් Commnet මාර්ගයෙන් අහන්න මම උදව් කරන්නම් අනිවාර්යෙන්.

ඒ වගේම මගේ ලිපියට කැමති නම් පහත Share Buttion ඔබලා ඔයාගේ යාළුවන්ට පෙන්වන්න Share කරන්න.

ස්තුතිය.

Twitter වල Video autoplay වෙන ඒක ඉවත් කරන ආකාරය


Twitter වල Video Auto play එක හරිම කරදරයක්.

Video autoplay වෙන නිසා Data ටිකත් නොදනිම නිකන්ම කැපිලා යනවා

ඉතින් මම අද කියලා දෙන්නේ හදන්නේ Twitter වල Video autoplay වෙන ඒක නවතා ගන්නේ කොහොමද කියලා.

ඔයා මුලින් ම Twitter ගිණුමට ලොග් වෙලා. Account Settings යන්න. යන හැටි දන්නේ නැත්තම් මෙතනට යන්න  https://twitter.com/settings/account

ඊට පස්සේ Content වල තියෙනවා Video Tweets (Video autoplay) කියලා අන්න එකේ ක්ලික් ඒක අයින් කරලා Save කරන්න එචරයි එතකොට Twitter වල Video Video autoplay වෙන්න නැහැ.